අලුත් ආණ්ඩුව පත් වීමෙන් පසුව රු 28 දක්වා පහළ ගිය බිත්තරයක මිල මේ වන විට රු 40 සිට 45 දක්වා පරාසයකට ඉහළ ගොස් තිබේ. කුකුල් නිෂ්පාදකයින් පවසන්නේ බිත්තර මිල ඉහල යාමට පහත කරුණු බලපා ඇති බවයි. 1. පසුගිය දිනවලදී තොග වෙළඳුන් බිත්තර විශාල වශයෙන් වෙළඳපොළට නිකුත් කළත්, මේ වන විට බිත්තර හිඟ වී ඇති බැවින් එලෙස විශාල ලෙස වෙළඳපොළට නිකුත් නොකෙරේ. 2. බිත්තර ආනයනය ප්‍රමාද වී ඇත. 3. බිත්තර මිල පහළ යාම නිසා, බිත්තර මිලදී ගැනීම වැඩි වූ අතර, එලෙස ඉල්ලුම ඉහළ යාමට ප්‍රමාණවත් සැපයුමක් නොමැති වීමෙන් මිල ඉහළ ගොස් ඇත. ඉදිරි දෙසතිය තුළ තවත් බිත්තර ඉන්දියාවෙන් ආනයනය නොකළහොත්, බිත්තර මිල රු 52 ක් දක්වා ඉහළ යනු ඇති බවට වෙළඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.