පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකා රජය රු කෝටි 25000 ක් ණය ලබාගෙන තිබේ. ඒ පහත පරිදි යි.
1. 2024/10/02 දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හරහා රු මිලියන 142,500.
2. 2024/10/07 දින ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ලබාගෙන ඇත. එය ආසන්න වශයෙන් රු මිලියන 60000 ක මුදලකි.
3. 2024/10/09 දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හරහා රු මිලියන 85,000.
ඒ අනුව සති තුනක් තුළ රජය ලබාගත් ණය ප්‍රමාණය රු 287,500,000,000.00 ක් හෙවත් රු මිලියන 287,500 කි.
භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන් එලෙස ණය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජයේ දෛනික වියදම් උදෙසා ය. එසේම ලෝක බැංකු ණය ලබා දීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම උදෙසා ය.
භාණ්ඩාගාර බිල්පත් යනු ශ්‍රී ලංකා රජයේ නියෝග ප්‍රකාරව, රජයට කෙටිකාලීන ණය ලබා ගැනීම පිණිස, මහ බැංකුව විසින් නිකුත් කරන සුරැකුම්පත් ය. එක් භාණ්ඩාගාර බිල්පතක් රු 10000 ක් හෝ ඊට වැඩි මුහුණත වටිනාකමකින් යුක්ත වේ. ඒවා විකිණීම හරහා ශ්‍රී ලංකා රජය ණය ලබා ගන්නා අතර, භාණ්ඩාගාර බිල්පතේ සඳහන් දිනයේදී එම ණය පියවීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටී. රජයට මුදල් මුද්‍රණය කර හෝ එම ණය පියවීමට හැකි බැවින්, භාණ්ඩාගාර බිල්පත් වලින් ආපසු නොගෙවීම ගැන අවදානමක් නොමැත.
Comments
Post a Comment