Skip to main content

ඉදිරි දෙසතිය තුළ බිත්තර මිල රු 52 ක් දක්වා ඉහළ යාමේ අවදානමක්.

 

 

අලුත් ආණ්ඩුව පත් වීමෙන් පසුව රු 28 දක්වා පහළ ගිය බිත්තරයක මිල මේ වන විට රු 40 සිට 45 දක්වා පරාසයකට ඉහළ ගොස් තිබේ.

කුකුල් නිෂ්පාදකයින් පවසන්නේ බිත්තර මිල ඉහල යාමට පහත කරුණු බලපා ඇති බවයි.

1. පසුගිය දිනවලදී තොග වෙළඳුන් බිත්තර විශාල වශයෙන් වෙළඳපොළට නිකුත් කළත්, මේ වන විට බිත්තර හිඟ වී ඇති බැවින් එලෙස විශාල ලෙස වෙළඳපොළට නිකුත් නොකෙරේ.

2. බිත්තර ආනයනය ප්‍රමාද වී ඇත.

3. බිත්තර මිල පහළ යාම නිසා, බිත්තර මිලදී ගැනීම වැඩි වූ අතර, එලෙස ඉල්ලුම ඉහළ යාමට ප්‍රමාණවත් සැපයුමක් නොමැති වීමෙන් මිල ඉහළ ගොස් ඇත.

ඉදිරි දෙසතිය තුළ තවත් බිත්තර ඉන්දියාවෙන් ආනයනය නොකළහොත්, බිත්තර මිල රු 52 ක් දක්වා ඉහළ යනු ඇති බවට වෙළඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 

Comments

Popular posts from this blog

අලුත් ආණ්ඩුව සති දෙකක් තුළ රු 287,500,000,000.00 ක් ණය ගනී.

  පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකා රජය රු කෝටි 25000 ක් ණය ලබාගෙන තිබේ. ඒ පහත පරිදි යි. 1. 2024/10/02 දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හරහා රු මිලියන 142,500.  2. 2024/10/07 දින ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ලබාගෙන ඇත. එය ආසන්න වශයෙන් රු මිලියන 60000 ක මුදලකි. 3. 2024/10/09 දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හරහා රු මිලියන 85,000. ඒ අනුව සති තුනක් තුළ රජය ලබාගත් ණය ප්‍රමාණය රු 287,500,000,000.00 ක් හෙවත් රු මිලියන 287,500 කි. භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන් එලෙස ණය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජයේ දෛනික වියදම් උදෙසා ය. එසේම ලෝක බැංකු ණය ලබා දීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම උදෙසා ය. භාණ්ඩාගාර බිල්පත් යනු ශ්‍රී ලංකා රජයේ නියෝග ප්‍රකාරව, රජයට කෙටිකාලීන ණය ලබා ගැනීම පිණිස, මහ බැංකුව විසින් නිකුත් කරන සු‍රැකුම්පත් ය. එක් භාණ්ඩාගාර බිල්පතක් රු 10000 ක් හෝ ඊට වැඩි මුහුණත වටිනාකමකින් යුක්ත වේ. ඒවා විකිණීම හරහා ශ්‍රී ලංකා රජය ණය ලබා ගන්නා අතර, භාණ්ඩාගාර බිල්පතේ සඳහන් දිනයේදී එම ණය පියවීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටී. රජයට මුදල් මුද්‍රණය කර හෝ එම ණය පියවීමට හැකි බැවින්, භාණ්ඩාගාර බිල්පත...